විරෝධතාකරුවන් මර්දනය කිරීමට හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.
පසුගිය අප්‍රේල් මස 02 වන දින පළමු වරට ශ්‍රී ලංකා බලධාරීන් විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල විශේෂඥයින් පෙන්වා දෙන්නේ.සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව ක්‍රියාත්මක කිරීම උල්ලංඝනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හෙළාදකින බව මානව හිමිකම් කවුන්සිලය වැඩිදුරටත් පවසයි













