spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ජනපතිට සුභාශිංසන

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

මහලේකම්වරයා එලෙස සුබපැතුම් එක්කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් සහ ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.

එම සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ පවතින අභියෝගවලට මුහුණදීම සඳහා සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කරගැනීමට ජනාධිපතිවරයා දක්වන කැපවීම එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස තමන් පිළිගෙන ඇති බවයි.

එසේ කිරීමේදී මහජනතාව සමඟ අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍ය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද ඔහු විසින් පෙන්වා දී තිබෙනවා.

තවද කාන්තාවගේ දේශපාලන සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාව දරණ උත්සාහය පිළිගැනීමට සහ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය දිරිමත් කිරීමට ද සහයෝගය පළ කර ඇතැයි සඳහන්.

ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන අවශ්‍යතා සපුරාලීමට සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් සිටින බව මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එමඟින් දන්වා තිබෙනවා.

එමෙන්ම මහලේකම්වරයා තවදුරටත් පෙන්වා දී ඇත්තේ සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සාමය ගොඩනැගීම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?