එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ජනපතිට සුභාශිංසන

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

මහලේකම්වරයා එලෙස සුබපැතුම් එක්කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් සහ ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.

එම සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ පවතින අභියෝගවලට මුහුණදීම සඳහා සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කරගැනීමට ජනාධිපතිවරයා දක්වන කැපවීම එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස තමන් පිළිගෙන ඇති බවයි.

එසේ කිරීමේදී මහජනතාව සමඟ අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍ය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද ඔහු විසින් පෙන්වා දී තිබෙනවා.

තවද කාන්තාවගේ දේශපාලන සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාව දරණ උත්සාහය පිළිගැනීමට සහ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය දිරිමත් කිරීමට ද සහයෝගය පළ කර ඇතැයි සඳහන්.

ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන අවශ්‍යතා සපුරාලීමට සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් සිටින බව මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එමඟින් දන්වා තිබෙනවා.

එමෙන්ම මහලේකම්වරයා තවදුරටත් පෙන්වා දී ඇත්තේ සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සාමය ගොඩනැගීම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි.

2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18