spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) ආරම්භ වනවා.

කොළඹ දී ආරම්භ වන මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් සහභාගී වීමට නියමිත අතර අද (19) ආරම්භ වන මෙම සමුළුව ලබන 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඉන් රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරීන් 300 කට අධික පිරිසක් ද මෙම සමුළුවට එක්වනවා.

37 වන ආසියා පැසිපික් සමුළුව අද දිනයේ නිල වශයෙන් ආරම්භ කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර රටවල් කිහිපයක කෘෂිකර්ම අමාත්‍යවරු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.

මේ අතර මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (20) දිනයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

2026 වසර දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට මෙහිදී හිමිවීමට ද නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?