එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) ආරම්භ වනවා.

කොළඹ දී ආරම්භ වන මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් සහභාගී වීමට නියමිත අතර අද (19) ආරම්භ වන මෙම සමුළුව ලබන 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඉන් රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරීන් 300 කට අධික පිරිසක් ද මෙම සමුළුවට එක්වනවා.

37 වන ආසියා පැසිපික් සමුළුව අද දිනයේ නිල වශයෙන් ආරම්භ කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර රටවල් කිහිපයක කෘෂිකර්ම අමාත්‍යවරු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.

මේ අතර මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (20) දිනයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

2026 වසර දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට මෙහිදී හිමිවීමට ද නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21