එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් සහ මෙරට භාණ්ඩාගාර ලේකම් අතර හමුවක්

එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රොත්, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන හමු වුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වර්ධන ඉලක්ක සඳහා එක්සත් ජනපදයට සහාය විය හැකි ආකාරය මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් ද එක්ව සිටියා.