එක්ප්‍රස් පර්ල් කපිතාන්ගේ ප්‍රකාශ සහ ඊමේල් පණිවිඩ ගැන සැකයක් (වීඩියෝ)

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වු එක්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා පොලිසියට ලබා දී ඇති ප්‍රකාශ සහ නැව සම්බන්ධයෙන් දේශීය නියෝජිත ආයතනයට යොමු කර ඇති ඊමේල් පණිවිඩ අතර පැහැදිලි සැකයක්මතුව ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පස්ලී රාසික් පවසනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේ දී කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව අධිකරණයට දැනුම් දුන්නා.

2021 මැයි මස 19 වැනිදා මෙරට මුහුදු සීමාවේදී දී ගිනි ගැනීමට ලක් වූ එම් වී එක්ස්ප්‍රස්පර්ල් නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පස්ලී රාසික් සඳහන් කළේ නැව ගිනි ගැනීමට පෙර නෞකාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඊමේල් පණිවිඩ රාශියක් දේශීය නියෝජිත ආයතනයට එවා ඇති බවට ප්‍රකාශ කර ඇති අතර එම ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් මතුව ඇති සැකය විමර්ශනය සඳහා විශේෂඥ විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන බවයි.

එම වාර්තාව සති දෙකකින් ලබා දීමට හැකි බව අධිකරණ හමුවේ කරුණු දක්වමින් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා විශේෂඥ සහකාර සි.පී සුදුවැල්ල දැනුම් දුන්නා.

එහිදී මහේස්ත්‍රාත්වරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඊට අදාල ගෙවීම් කර නොමැති වුවත් මුදල් ගෙවීමේ පොරොන්දුව මත වාර්තාව ඉදිරිපත් කළ හැකි බවයි.

එම විශ්ලේෂණ වාර්තාව අනුව දේශීය නියෝජිත ආයතනයට හෝ යම් පාර්ශවයකට නීති සහන ලැබිය යුතු නම් එය ඒ ආකාකාරයෙන්ම ලැබෙන බවද නියෝජ්‍ය සොලිසිටර්ජනරාල්වරයා සඳහන් කළා.

රජයේ රස පරීක්ෂකවරයා ඉදිරිපත් කරන විශේෂඥ වාර්තාව ද නොබෝ දිනකින් ලැබෙනු ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

දේශීය නියෝජිත ආයතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ සහ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න එහි දී කරුණු දක්වමින් මෙසේ සඳහන් කළා.

දේශීය නියෝජිත ආයතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ,

මෙම නෞකාව ගිනිගෙන අවුරුදු තුනක් සපිරෙන්න තව මාස තුනයි. නඩුවාර තිස් දෙකක් කැඳවලා තියෙනවා. නමුත් විමර්ශන අවසන් නැහැ. විමර්ශන විශේෂඥ වාර්තා කැඳවා මුදල් ගෙවලත් නෑ. විමර්ශන කඩිනමින් අවසන් කරන්න නියෝගයක් නිකුත් කරන්න ස්වාමීනි.

නෞකාවේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න,

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනතෙක් විමර්ශන අවසන් කරල නැහැ. එහෙත් නීතිපතිවරයා මඤ්ඤොක්ක හැලිය ඉදෙන්න කලින් බෙදුව වගේ අධි චෝදනා දාලත් ඉවරයි. මේක මූලික නීති සිද්ධාන්ත උල්ලංඝනය කිරීමක්.
විශ්ලේෂණ වාර්තා කැඳවන්න මුදල් දීලා නෑ කියන එක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක විධායකයේ ප්‍රශ්නයක්. මේ වගේ අනීතික දේවල් සිද්ධ වෙන්න ඉඩදෙන්න එපා ස්වාමීනී. කඩිනමින් විමර්ශන අවසන් කරන්න කියලා නියෝග කර අවසන් වශයෙන් දිනයක් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය මාසයකට කල් තබනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48