spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්දින ලෝක කුසලාන සටනට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

එළඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය, ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ප්‍රබල සංචිතයක් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එක්දින තරග රටාවෙන් විශ්‍රාම ගැනීමේ තීරණය ආපසු හරවා ගත් බෙන් ස්ටෝක්ස් ද මෙම සංචිතයට ඇතුළත්ව සිටිනවා.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්ත සංචිත මෙහෙයවනු ලබන්නේ ජෝස් බට්ලර් විසින්.

මෙම සංචිතය ප්‍රකාශයට පත් කරමින් එංගලන්ත පිරිමි ජාතික තේරීම් කමිටුවේ ලූක් රයිට් පැවසුවේ, “අපි ඉන්දියාවට ගොස් ලෝක කුසලානය දිනාගත හැකි බවට විශ්වාස කරන සංචිතයක් තෝරාගෙන තිබෙනවා.” යනුවෙන්.

එංගලන්ත සංචිතය පහතින්.

ජෝස් බට්ලර් (නායක), මොයින් අලි, ගස් ඇට්කින්සන්, ජොනී බෙයාර්ස්ටෝ, සෑම් කරන්, ලියම් ලිවිංස්ටන්, ඩේවිඩ් මාලන්, ආදිල් රෂීඩ්, ජෝ රූට්, හැරී බෲක්, බෙන් ස්ටෝක්ස්, රීස් ටොප්ලි, ඩේවිඩ් විලී, මාර්ක් වුඩ්, ක්‍රිස් වෝක්ස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?