එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට මෝදි, මෝදි ක්‍රීඩාංගණයට

ලබන ඉරිදා ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට සහභාගී වන බවට තොරතුරු වාර්තා වනවා.

තරගවලියේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස සහභාගී වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.

මේ අතර ජනප්‍රිය පොප් ගායිකාවක් වන ඩූආ ලිපා, මෙවර ලෝක කුසලානයේ සමාප්ති උත්සවයයේ දී ගීතවත් වීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම ඉන්දීය ගුවන් හමුදාව නිවේදනය කළේ අවසන් මහා තරගය ආරම්භයට පෙර ගුවන් හමුදාවේ ‘සූර්ය කිරන්’ කණ්ඩායම ගුවන් සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිත බවයි.

මාස එක හමාරකට ආසන්න කාලයක් පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භය වෙනුවෙන් උත්සවයක් ද නොපැවැත් වූ පසුබිමක තරගාවලියේ සමාප්තිය වෙනුවෙන් සුවිශේෂී වූ උත්සවයක් පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය මතපළ කරන්නේ.

සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන අතර, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුකම් ලබා ඇත්තේ වසට විස්සකට පසුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58