එක්දින ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් තැන ශ්‍රී ලංකාවට

අඛණ්ඩ ව ක්‍රීඩා කළ සියලු තරග පරාජය වීමත්, නවක කණ්ඩායම් තරග ජයග්‍රහණය කරමින් ඉදිරියට පැමිණීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානය හිමි ව තිබෙනවා.

ඒ ඊයේ දිනයේ දී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙවර ලෝක කුසලානය හිමි වූ පළමු පරාජයට නෙදර්ලන්තය හමුවේ මුහුණදීමට සිදුවීම නිසාවෙන්.

ප්‍රසාද ලකුණු සටහනේ මුහුණ දුන් තරග 03 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 06ක් සමගින් පෙරමුණේ සිටින්නේ සත්කාරක ඉන්දියාව යි.

නවසීලන්තය ද ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 06ක් හිමිකරගෙන සිටියද , තරග ජය ගැනීමේ සාමාන්‍ය වේගය අනුව ඔවුන්ට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

තෙවැනි ස්ථානය ඊයේ ලැබූ පළමු පරාජයත් සමග දකුණු අප්‍රිකාවට හිමි ව තිබෙනවා.

පකිස්තානය සහ එංගලන්තය පිළිවෙළින් මුල් කණ්ඩායම් 05 අතරට පැමිණ සිටින අතර, සයවැනි තැන හිමි ව ඇත්තේ ඇෆ්ගන් කණ්ඩායමටයි.

නෙදර්ලන්තය ද ඊයේ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කිරීම සමග ශ්‍රී ලංකාව අබිබවා යමින් 9 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

මේ අතර, අඛණ්ඩ ව තම කණ්ඩායම අමිහිරි පරාජයන්වලට මුහුණදීම සම්බන්ධයෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසා ඇත්තේ; ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවති තරගයේ දී පරාජයට පත් වීම පිළිබඳ කනගාටුවට පත් වන බවයි.

ආරම්භය ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ හොඳ මට්ටමක පැවතිය ද, එම රිද්මය පවත්වා ගැනීමට නොහැකි වූ බව ද ඔහු කියා සිටිනවා.

Screenshot 2023 10 18 075547


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46