spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්දින ලෝක කුසලානයට තණතීරු සකසන්නන්ට විශේෂ උපදෙස් දෙකක්

මෙවර එක්දින ලෝක කුසලානයේ තරග සඳහා ලබාදිය යුතු තණතීරු සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තණතීරු සකසන්නන්ට උපදෙස් කිහිපයක් ලබා දී තිබෙනවා.

ඒ, අනුව තණකොළ සහිත තණතීරු මෙවර තරග සඳහා ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම හතරේ සීමාවට මීටර 70ට වැඩි මායිම් තබාගන්නා ලෙස ද පාලකවරුන්ට උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩාංගණ 10ක් මේ වනවිටත් තෝරාගෙන අවසන්.

ඉන්දියාවේ ක්‍රීඩාංගණ බොහෝමයක තණ තීරු දඟපන්දු යවන්නන්ට උචිත තණ තීරු ලෙසයි නම් දරා ඇත්තේ.

මේ අතර ඔක්තෝබර්-නොවැම්බර් මාසවල පැවැත්වෙන මෙවර ලෝක කුසලානය වෙනුවෙන් තෝරාගෙන ඇති ක්‍රීඩාංගණවල අධික පිනි සහිත තත්තත්වයන් දැකගත හැකි වනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

එමෙන්ම චෙන්නායි සහ බැංගලෝර් වැනි ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ ක්‍රීඩාංගණවලට තරගාවලිය අතර තුර වර්ෂාපතනයන් ලැබීමට ඉඩ පවතින බව ද වනවා.

01 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?