එක්දින පිටියෙන් ග්ලේන් මැක්ස්වෙල් සමුගනියි

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ප්‍රවේගකාරී ම සහ හඹා ගොස් තරගයක ජය – පරාජය වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඔස්ට්‍රෙලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

නමුත් මැක්ස්වෙල් සඳහන් කර ඇත්තේ තමන් පන්දුවාර 20 ක්‍රීඩා ආකෘතියෙහි රැඳී සිටින බවයි.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා මැක්ස්වෙල් රැඳී සිටිනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

36 හැවිරිදි මැක්ස්වෙල්, එක්දින තරග 149කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු එක්දින දිවියේ ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ නොදැවුණු ලකුණු 201ක්.

එක්දින ලකුණු 3990ක් ලබා ඇති මැක්ස්වෙල් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 77ක්.

ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 40කට කඩුලු 04ක් බිඳ දැමීමයි.

2012 වසරේ දී සාජා නුවර දී ඇෆ්ගනිස්තානයට එරෙහිව ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගෙන ඇති මැක්ස්වෙල් යනු තුන් ඉරියව්වෙන් ම ලෝක ක්‍රිකට් ආකෘතිය තුළ දස්කම් දැක්වූ අයෙක්.

සිය සමුගැනීමේ නිවේදනය නිකුත් කරමින් මැක්සි සඳහන් කර ඇත්තේ, තමන් ක්‍රීඩාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48