එක්දින නායකත්ව ගැන රෝහිත් සමඟ විශේෂ සාකච්ඡාවක්

ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියට පෙර ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව සහ රෝහිත් ශර්මා අතර සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බව වාර්තා වනවා.

තේරීම් කමිටුව හා ශර්මා අතර පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේ ද තීරණාත්මක කරුණ වනුයේ ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වය බවයි දැනගන්නට ඇත්තේ.

මෑතකදී යෝග්‍යතා පරීක්ෂණය සමත් වූ රෝහිත් ශර්මා සංචිතයට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන නමුත්, ඔහුගේ නායකත්වය පිළිබඳව කිසිවක් තහවුරු කර නැහැ.

විශේෂයෙන්, රෝහිත් නායකයා ලෙස රඳවා ගන්නේ ද යන්න තේරීම් කමිටු සාමාජිකයින් ඔහු සමඟ ඍජුවම සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි දැනගන්නට ඇත්තේ.

මාර්තු මාසයේ පැවති චැම්පියන්ස් කුසලානයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මාස හතක නිවාඩුවක් ලබා ගැනීමෙන් පසු රෝහිත් සහ කෝලි දෙදෙනාම යළි කණ්ඩායම සමඟ එක්වීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ඔක්තෝම්බර් 19 වනදා ආරම්භ වනවා.

එක්දින තරගාවලිය අවසන්වීමෙන් පසු තරග පහකින් සමන්විත දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝම්බර් 29 වනදා ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14