එක්දරු මවකට පහරදුන් මාලිමාවේ අපේක්ෂකයා අල්ලයි

එක්දරු මවකට පහරදුන් බව කියන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කළුතර නගර සභාවට ජාතික ජන බලවේගයෙන් තරගවදින අපේක්ෂකයකු බවයි වාර්තා වන්නේ.

හර්ෂනී මේනකා නැමැති කළුතර උතුර, ෆොන්සේකා පාරේ පදිංචි කාන්තාවක් පොලිසියට පැමිණ ඊයේ (23) සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරු සහ පැමිණිලිකාරිය අසල්වැසියන් බවත්, කලක සිට පවතින ආරවුලක් බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය යාමෙන් පසු මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පැමිණිල්ල සිදුකිරීමෙන් පසු පැමිණිලිකාරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුල්ව ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

  1. මගේ ප්‍රතිචාරය නම් ඔවුන්ගේ පවුල් ප්‍රශ්න අපිට අදාල නොවන බවත් , මේවගේ දෙකයි පණහේ ඕපාදූප වාර්තා කරන පාහර මාධ්‍යකරුවන් සහ ආයතන සමාජය නොමඟ යැවීම පමණක් අරමුණු කරගත්තවුන් බැවින් දුටු තැන පහරදී එලවා දැමිය යුතු බවයි.සමාජය යහමඟට ගැනීමේ නියම මාධ්‍ය යුතුකම පැහැර හරින මෙවැනි මාධ්‍ය පිලිබඳව නීති ගෙන ආ යුතුය. ජාතික ජන බලවේගය අපකීර්තියට පත්කිරීම මොවුන්ගේ අරමුණ බව අප දන්නා අතර මෙවැනි ක්‍රියාමාර්ග වලින් අපි තවතවත් ජාතික ජන බලවේගය ශක්තිමත් කරමු.මාලිමාවට ජයවේවා!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14