එක්දරු පියාගේ ඝාතනයට තවත් 7ක් අත්අඩංගුවට

මොරගහහේන තලගල ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමකදී 39 හැවිරිදි එක්දරු පියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම වෙන්දේසි ඉඩමේ සංවර්ධන කටයුතු කරමින් සේවය කළ තවත් පුද්ගලයන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (12) රාත්‍රී එම වෙන්දේසි ඉඩමේ කාර්යාලය අසල පැවැති මත්පැන් සාදයකින් අනතුරුවයි මෙම ඝාතනය සිදුවී තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු වන මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි හිටපු ගුවන් හමුදා සෙබලා අදාළ මත්පැන් සාදයෙන් පසු තම ගම් ප්‍රදේශය බලා පිටත්වීම සඳහා යතුරුපැදිය මත සිටියදී ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගේ ගෙල මිරිකීම හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව ඝාතනය සිදුවී තිබුණා.

හිටපු ගුවන් හමුදා සෙබලා ඔහුගේ ගමන් බෑගයේ තිබූ උල් පිහියකින් එම පුද්ගලයාට ඇන ඝාතනය කර තිබූ බව සඳහන්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ස්කැවේටර් රියදුරෙකු ලෙස රැකියාව කළ නිරෝෂන් චන්දිම නැමැති 39 හැවිරිදි එක්දරු පියෙක්.

එම ඝාතනය  සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා හොරණ මහේස්ත්‍රාත් චන්දිම කලංසූරිය මහතාගේ නියෝග මත අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරුණා.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 7දෙනා තුවාලකරු රෝහල් ගත කිරීමට කිසිදු උත්සාහයක් නොගෙන පොලිස් හදිසි ඇමතුම් අංශයට මෙන්ම 1990 ගිලන් රථයට  ඇමතුම් ලබාදෙමින් කල් ගත කර ඇති බවටයි පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එම තොරතුරු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39