එක්කෝටි තිස් ලක්ෂයක මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් සොයාගෙන (ඡායාරූප)

රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වෙළෙඳපොළ වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබිය දී ඊයේ (04) සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පවසනවා.

පාර්සල් 11ක් තුළ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි රේගු අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මෙම පාර්සල් එංගලන්තය සහ ජර්මනිය යන රටවලින් කොළඹ, නුගේගොඩ, පානදුර, අනුරාධපුරය සහ මහනුවර යන ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබූ බවයි වාර්තා වන්නේ.

එක්ස්ටැසී හෙවත් මෙතැම්පටමයින් පෙති 1,055ක්, කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 318ක් සහ ගංජා ඇට 15ක් මෙම පාර්සල් තුළ තිබී සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර පසුගිය 2023 වසරේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් රුපියල් බිලියන දෙකහමාරක් වටිනා මත්ද්‍රව්‍ය වැටලීම් 81ක් සිදුකර තිබෙනවා.

IMG 20240104 WA0074 1
IMG 20240104 WA0075
IMG 20240104 WA0076 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45