එකවර සේවකයින් 900ක් රැකියාවෙන් දොට්ට

සුම් සාකච්ජාවකදී එකවර සේවකයින් 900 දෙනෙකුව සේවයෙන් නෙරපීමේ සිදුවීමක් වාර්තා වෙනවා. මෙලෙස සේවයෙන් නෙරපා ඇත්තේ උකස් සමාගමක සේවය කරනු ලබන සේවක සේවිකාවන් පිරිසක් වීම විශේෂත්වයක්.

ඉකුත් බදාදා සුම් සාකච්ජාවක් සඳහා සිය සමාගමේ සේවක සේවිකාවන් පිරිසක් කැඳවා තිබු Better.com හි ප්‍රධාන විධායක නිලධාරී විශාල් ගාර්ග් නිවේදනය කළේ උකස් සමාගම සිය ශ්‍රම බලකායෙන් 9% ක් පමණ ඉවත් කරන බවයි.

“ඔබ මෙම ඇමතුමේ සිටින්නේ නම්, ඔබ සේවයෙන් පහකරනු ලබන අවාසනාවන්ත කණ්ඩායමේ කොටසක්, මෙම ආයතනය ඔබගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇත. ඔබගේ සේවක ප්‍රතිලාභ සහ අනෙකුත් ලියවිලි ඉදිරියේදී මානව සම්පත් අංශය විසින් ලබාදෙනු ඇති” යැයි ප්‍රධාන විධායක නිලධාරී විශාල් ගාර්ග් එම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

එකවර සේවක සේවිකාවන් මේසා විශාල සංඛ්‍යාවකට රැකියා අහිමි කිරීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය නැගු ප්‍රශ්න කිරීම් හමුවේ Better.com හි ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර සිටියේ මෙම සේවකයින් සමාගමටත්, පාරිභෝගිකයින්ටත් නිසි සේවාවක් සැපයීමට අපොහොසත් වීම ඇතුළු ඔවුන්ගේ රැකියා කාර්ය සාධන සහ ඵලදායිතාව යන කරුණු සැලකිල්ලට ගනිමින් තමන්ට අකමැත්තෙන් වුවද එම තීරණයට එළඹීමට සිදුවූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14