එකම වරද කිහිපවරක් සිදු කළ ඖෂධසැල් හිමිකරු රිමාන්ඩ්

තහනම් මත් කරල් විකිණූ ඖෂධ අලෙවිසැල් වෙළෙන්ඳෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ගලෙන්බිඳුණුවැව නගරයේ දියි.

වෛද්‍යවරයෙකුගේ නියමයකින් තොරව පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාවට මෙම පුද්ගලයා විසින් මත්පෙති අලෙවි කරන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව උපාය දූතකයෙකු යොදවා මෙම මත් කරල් අලෙවි කරන ඖෂධසැල් හිමිකරුව අත් අඩංගුවට ගැනීමටයි ගලෙන්බිදුනුවැව පොලිස් බුද්ධි කොට්ඨාසය කටයුතු කර තිබෙන්නේ.

සැකකරුව කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද කටයුතු කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මීට පෙර අවස්ථා කිහිපයක දී ද මෙම සැකකරු මත්පෙති අලෙවි කිරීම සම්බන්ධව ගලෙන්බිදුණුවැව පොලිසිය මගින් සහ අනුරාධපුර ඖෂධ පාලන අධිකාරිය මගින් අවස්ථා කිහිපයක දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරු වූ බවත් මේ වන විට බලපත්‍රයක් නොමැතිව ඖෂධ ශාලාව පවත්වාගෙන යන බවටත් අනාවරණය වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16