එකම පවුලේ 06ක් ගමන්ගත් මෝටර් රථය දුම්රියේ ගැටී අනතුරක්

ගාල්ල – මාගාල්ල අනුලාදේවී බාලිකා විද්‍යාලය අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී මෝටර් රථයක් දුම්රියේ ගැටී අද (18) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් ගැබිනි කාන්තාවක්, කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ හය දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තුවාලකරුවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර මංගල උත්සවයකට සහභාගි වී නැවත එමින් සිටියදීයි ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

ආලෝක සංඥා නොතකමින් මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට යාමේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

රෝහල්ගත කළ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42