එකම පවුලේ පිරිසක් ගිය ත්‍රී රෝද රථයක් දැවැන්ත ප්‍රපාතයකට පෙරළෙයි (ඡායාරූප)

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවෙක් ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ බරපතල තුවාල ලැබූ ඔවුන් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කර ඇති බවයි.

අද පස්වරු 3ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ මස්කෙලිය නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න ප්‍රදේශයේදී යි.

මස්කෙලිය සිට නෝටන්බ්‍රිජ් ටෙබර්ටන් දක්වා එකම පවුලේ පිරිසක් ගිය ත්‍රී රෝද රථයක් මෙලෙස අනතුරට පත් වී තිබෙනවා.

තුවාලකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව සඳහන්.

ඔවුන් මාරතැන්න ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට පැමිණ එම අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන නිවසට අවශ්‍ය ද්‍රව්‍ය මස්කෙලිය නගරයෙන් මිල දී ගෙන ආපසු ටෙබර්ටන් දක්වා යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

තුවාලකරුවන් අතර අවුරුදු 03ක කුඩා ළමයෙකු ද සිටින බවත්, අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

5 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23