එකම පවුලේ පියා, ලේලිය සහ මුණුබුරා එක්ව පුද්ගලයෙකු ඝාතනය කරලා

බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසකට යන පාරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක දී එකම පවුලේ පියා,ලේලිය සහ මුණුබුරා විසින් මන්නා පිහියකින් සහ පොලුවලින් අදාළ පුද්ගලයාට පසුගිය 09 වනදා මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අක්මීමණ පොලිසිය සඳහන් කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නරාවල, පෝද්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

පහර කෑමෙන් බරපතල තත්ත්වයේ පසුවූ පුද්ගලයා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සිද්ධය සම්බන්ධය සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, අක්මීමණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48