spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එකම දියණිය පෙම්වතා සමඟ පැනගිය දුකට මව්පියන් දෙදෙනා දිවි නසාගනී

සිය එකම දියණිය පෙම්වතෙකු සමඟ පැනයාමේ දුකට සිත් තැවුලට පත් මව්පිය යුවළක් සියදිවි හානිකරගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

55 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 47හැවිරිදි බිරිඳ පසුගිය සිකුරාදා සියදිවි නසා ගැනීම සඳහා කිසියම් ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවකින් ලබාගෙන තිබෙනවා.

ඉන් පසුව ඔවුන් දෙදෙනා රෝහල ගතකර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (18) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස සියදිවි නසාගෙන දකුණු කේරළයේ පවුම්බා ප්‍රදේශයේ ජීවත් වූ යුවළක්.

තම පාසල් යන වයසේ පසු වූ එකම දියණිය පෙම්වතෙකු සමඟ පැනයාම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා දින කිහිපයක සිට ම දැඩි මානසික අවපීඩනයෙන් පෙළුණු බවයි වාර්තා වන්නේ.

එම තත්ත්වය මත මොවුන් දෙදෙනා මෙම දරුණු තීරණය ගැනීමට පෙළඹී ඇති අතර, නිවසේ තිබී සියදිවි නසාගැනීමට පෙර ලියූ සටහනක් ද සොයා ගැනීමට විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන්ට හැකිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
2
+1
16
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?