spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිංහ පැටව් පාකිස්ථානය පරදා ජය ලබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත්වූයේ පාකිස්තාන කණ්ඩායමයි.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාගත්තා. පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රාහණය සදහා 171 ලබාගත යුතු වුණා.ධනංජය ද සිල්වා ලකුණු 28ක් වනිඳූ හසරංග ලකුණු 36ක් ලබාගත්තා

භානුක රාජපක්ෂ තම 20 යි 20 තරග දිවියේ තුන්වන අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 35කින්. ඊට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වුණා.

ඔහු නොදැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 71ක්. චාමික කරුණාරත්න ලකුණු 14යි. 

පාකිස්තාන කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ ඔවුන්ට ලබාගැනීමට හැකි වුණේ ලකුණු 147ක් පමණි ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය දිනාගැනිමට සමත් වූනා.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් 6 වන ආසියානු කුසලානය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

මීට පෙර ශ්‍රී ලංකාව 1986, 1997, 2004, 2008 සහ 2014 වසරේදී මෙම කිරුළේ අභිමානය මෙරටට රැගෙන ආවා.

ආසියානු කුසලානයේ
ආසියානු කුසලා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?