එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගය තවත් එක් දිනක් ඉතිරිව තිබිය දී ජය ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්තය ඊයේ (24) ජය ගත්තේ කඩුලු 05 කින්.

මැන්චෙස්ටර් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 236ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට පිළිතුරු වශයෙන් එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් 358ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙහිදී ජේමි ස්මිත් ලකුණු 111ක් රැස් කරමින් එංගලන්ත පළමු ඉනිමට වැඩි දායකත්වයක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 122ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර එහිදී ලකුණු 326ක් සිය දෙවන ඉනිම වෙනුවෙන් රැස් කළා.

එහිදී කමිඳු මෙන්ඩිස් සිය තුන්වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකට වාර්තා කරමින් ලකුණු 113ක් රැස් කළා.

ක්‍රිස් වෝක්ස් සහ මැතිව් පොට්ස් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු තුන බැගින් බිඳ දැමුවා.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්තයට සිය දෙවන ඉනිම සඳහා ලකුණු 205ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය කඩුලු පහක් පමණක් දැවී සපුරා ගන්නට එංගලන්ත පිතිකරුවන්ට තරගයේ සිව්වන දිනය වූ ඊයේ දිනයේ හැකියාව ලැබුණා.

ඒ, අනුව දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්ත සමත් වුණේ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙස පෙරමුණ ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23