spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්තය සමඟ පළමු ටෙස්ට් තරග දෙකෙන් කෝලි ඉවත්වෙයි

ලබන 25 වනදා ආරම්භවීමට නියමිත එංගලන්තය සමඟ තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙකෙන් ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ඉවත්ව තිබෙනවා.

පෞද්ගලික හේතුක් මත තමන් එම තරග දෙකෙන් ඉවත්වන බවයි කෝලි පවසා ඇත්තේ.

තවමත් කෝලි වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් නම් කර නොමැති නමුත්, නියමිත වේලාවට එය කිරීමට සැලසුම් කර ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

කෝලි මීට පෙර ද ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන්ද පෞද්ගලික හේතුවක් මත ඉවත්ව තිබුණා.

කෙසේ වෙතත් විරාත් කටයුතු කරන පෞද්ගලික තත්ත්වය කුමක් ද යන්න අනාවරණය වී නැහැ.

මේ අතර එංගලන්ත පිතිකරු හැරී බෲක් ද පුද්ගලික හේතුවක් මත මෙම ටෙස්ට් තරගාවලියෙන් ඉවත්වීමට ඊයේ තීරණය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?