එංගලන්ත පළමු ඉනිම ප්‍රබල තැනකින් නවතී

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 427ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 143ක් සහ ගස් ඇට්කින්සන් ලකුණු 118ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු එංගලන්ත පළමු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමූ අතර, මිලාන් රත්නායක සහ ළහිරු කුමාර කඩුලු දෙක බැඟින් බිද දැමුවා.

ලෝඩ්ස් හිදී පැවැත්වෙන මෙම තරගයේ දවන දිනය අදයි.