එංගලන්තය පරදා අවසන් ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ අවසන් සහ පස්වන තරඟය අද (04) එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වුණේ ඉන්දියාවට ජය හිමිකර දෙමින්.

තරඟාවලියේ ආරම්භයේ සිටම පැවති උණුසුම මෙම තරඟයේදී ද නොඅඩුව දැකගත හැකි වූ අතර දෙපිළේ ක්‍රීඩකයින්ගේ බහින්බස්වීම් ද නොඅඩුව පැවතුණා.

තරඟට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායම, ඉන්දීය පළමු ඉනිම ලකුණු 224 කට සීමා කළේ තරඟයේ වාසිය තමා සතු කරගනිමින්.

එහිදී එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ගස් ඇට්කින්සන් ලකුණු 33 කට ඉන්දීය පළමු ඉනිමේ කඩුලු 05 ක් බිඳ දැමුවා.

ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් කරුන් නායර් ලකුණු 57 ක් රැස් කරගැනීමට සමත් වුණා.

අනතුරුව පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවක් ආරම්භයේ දී සාර්ථක වේගවත් ආරම්භයක් ලබාගත්ත ද මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක පිතිහරඹය හේතුවෙන් ඔවුනට පළමු ඉනිමට ලබාගත හැකි වූයේ ලකුණු 247ක් පමණයි.

එංගලන්ත පළමු ඉනිමනට වඩා ලකුණු 23ක් පිටුපසින් දෙවනි ඉනිම ඇරඹු ඉන්දීය කණ්ඩායම තම දෙවනි ඉනිම වෙනුවෙන් සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

එහිදී ඉන්දීය දෙවන ඉනිමට රැස්කළ ලකුණු 306න් ලකුණු 118ක් ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් විසින් රැස් කරගත්තේ තරඟාවලියේ තම ආරම්භක ඉනිමේ මෙන්ම අවසාන ඉනිමේදී ද ශතකයක් රැස්කර ගනිමින්.

එමෙන්ම ඉන්දීය ඉනිමේ සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ආකාෂ් දීප් ලකුණු 66ක් ලබාගැනීම ද විශේෂත්වයක් වුණා.

ඒ, අනුව සත්කාරක එංගලන්ත කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් හිමි වූ ඉලක්කය ලකුණු 373ක්.

අනතුරුව සුපුරුදු පරිදි දෙවැනි ඉනිමට ද සාර්ථක ආරම්භයක් ලබාගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත් වුණා.

මැදපෙළ ශක්තිමත් කරමින් තරඟාවලියේ තම ශතක මල්ලට තවත් ශතකයක් රැස් කර ගත් ජෝ රූට් විශිෂ්ට ලකුණු 105ක් ලබා ගත්තා.

ජෝ රූට් අමතරව හැරී බෘක් ලබා ගත් වේගවත් බේස්බෝල් ශතකයක් රැස්කළ අතර, එම ශතකය ද එංගලන්ත ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.

දෙවැනි ඉනිමේ අවසාන කඩුලු 06ක් ලකුණු 150 ක් තුළ දවාගැනීමට සමත් වූ මොහොමඩ් සිරාජ් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් එංගලන්ත ඉනිම ලකුණු 367කට සිමා කිරීමට සමත් වුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 06ක තියුණු ජයක් හිමි වූ අතර, තරඟයේ වීරයා ලෙස එංගලන්ත දෙවන ඉනිමේ කඩුලු 05ක් හා පළමු ඉනිමේ කඩුලු 04 බිඳ දැමූ මොහොමඩ් සිරාජ් සම්මාන දිනාගනු ලැබුවා.

තරඟ 05කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය දෙපිළම තරඟ දෙක බැගින් ජයගැනීමත් සමඟ තරගාවලිය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

තරඟාවලියේ වීරයා සම්මානය එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් විසින් දිනගත්තා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06