එංගලන්තය දොට්ට ඇද දමමින් ඇෆ්ගනුන්ට සුපිරි ජයක්

2025 ශූරයින්ගේ කුසලානයට යන ගමන් මාර්ගය අසුරා දමමින් එංගලන්තය පරදා ඇෆ්ගනිස්තානය ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගන්නට ඊයේ (26) රාත්‍රියේ දී සමත් වුණා.

තරගය ලාහෝර් නුවර දී පැවැත්වුණු අතර පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් බිඳ වැටී රැස් කළ ලකුණු සංඛ්‍යාව 325ක්.

එහිදී සිය පිත්තෙන් හික්මුණු පිතිකරුවෙකුගේ පිතිකරණ රටාවක් පෙන්නුම් කරමින් ඇෆ්ගනිස්තානයේ ඊබ්‍රහීම් සද්‍රාන් චැම්පියන්ස් කුසලානයක ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළතම ලකුණු සංඛ්‍යාව ද තමන් සතු කරගත්තා.

ඒ සද්‍රාන් ලිවින්ග්ස්ටෝන්ගේ පන්දුවක් හමුවේ පන්දු 146කට දැවැන්ත ලකුණු 177ක් ලබාගෙන සිටි අවස්ථාවේදියි.

මෙම විශිෂ්ට ලකුණු ගොන්නට හයේ පහර 06ක් සහ හතරේ පහර 12ක් ද ඇතුළත් වුණා.

ඇෆ්ගන් ඉනිම මුල් අවධියේ දී බිඳ වැටී තිබුණත් හෂ්මතුල්ලා ෂහිඩි සහ ඔමර්සායිගේ ලකුණු 40 මෙන්ම මොහොමඩ් නබී ලබාගත් වේගවත් ලකුණු 41 ද දැවැන්ත ලකුණු පුවරුවක් ප්‍රතිවාදීන් අබියස තැබීමට අත් උදව් සැපයූවා.

එමෙන්ම සද්‍රාන් ඊයේ ලබාගත්තේ සිය ජාත්‍යන්තර එක්දින දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ඔහු මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 162ක් ලබා සිටියා.

එමෙන්ම ඔහු ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සයවැනි එක්දින ශතකය ලබා ගත් සිව්වැනි ක්‍රීඩකයා බවට ද ඊයේ පත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී ජොෆ්‍රා ආර්චර් කඩුලු 03ක්, ලිවින්ග්ස්ටෝන් කඩුලු 02ක් සහ ජැමී ඕවර්ටන් සහ රෂීඩ් එක් කඩුල්ලක් බැගින් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 326ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය එංගලන්තය සියල්ලන් ම දැවී පන්දුවාර 50 ආසන්නයේ සිටියදී ලබාගත්තෙ ලකුණු 317ක් පමණයි.

එහිදී විශිෂ්ට ඉනිමක් එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කළ ජෝයි රූට් ලකුණු 120ක් රැස් කරගත්තා.

බෙන් ඩකට් සහ බට්ලර් ලකුණු 38 බැගින් රැස් කළා.

ජැමී ඕවර්ටන් ලකුණු 32 යි.

කඩුලු බිඳ දැමීමේ දී අෂ්මතුල්ලා ඔමර්සායි කඩුලු 05ක්, මොහොමඩ් නබී කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් රෂීඩ් ඛාන්, නයිබ් සහ ෆරූකි අතරේ බෙදී ගියා.

ඒ අනුව මෙවර චැම්පියන්ස් කුසලානයේ සිය ස්ථානය තහවුරු කරගත් ඇෆ්ගනිස්තානය හමුවේ එංගලන්තය මෙවර තරගාවලියෙන් ඉවතට විසි වුණා.

ඔවුන් මීට පෙර තරගයේ දී පරාද වූයේ ඔස්ට්‍රෙලියාව හමුවේ යි.

තරගයේ වීරයා සම්මානය සද්‍රාන් දිනාගත්තා.

මේ අතර චැම්පියන්ස් කුසලානය යටතේ පකිස්තානය සහ බංග්ලාදේශය අද තරග බිමට එක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12