එංගලන්තයේ මුල් පෙළින් දස්කම් පෑ ඩේවිඩ් මලාන් ක්‍රිකට් පිටියට සමුදෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන ඩේවිඩ් මලාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

හෙතෙම අද (28) දිනයේ දී එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුවට සිය තීරණය පිළිබඳව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

37 හැවිරිදි මලාන් වමත් පිතිකරුවෙකු වනවා.

ඔහු ජාත්‍යන්තර එක්දින තරග වරම් දිනා ගත්තේ අයර්ලන්තයට එරෙහිව 2019 වර්ෂයේ දී ඩබ්ලින් නුවර පැවති තරගයේ දීයි.

මලාන් එක්දින තරගාවලියකට අවසන් වරට එක් වූයේ 2023 වර්ෂයේ දී ඊඩ්න් ගාඩ්න්ස් හි දී පාකිස්තානයට එරෙහිව වන අතර, ජාත්‍යන්තර ටෙස්ට් වරම් ඔහු 2017 වර්ෂයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව දිනා ගත්තා.

මලාන් 2022 වර්ෂයේ දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළා.

එමෙන්ම 2017 පන්දුවාර 20 ක්‍රිකට් වරම් දිනාගත් මලාන් පසුගිය වසරේ දී නවසීලන්තයට එරෙහිව සිය අවසන් පන්දුවාර 20 තරගාවලියට එක් වුණා.

එංගලන්තයේ හිටපු අංක 1 විස්සයි20 පිතිකරුවෙකු ලෙස සැලකෙන ඩේවිඩ් මලාන් ටෙස්ට් තරග 22කට, එක්දින තරග 30කට සහ විස්සයි විස්ස තරග 62කට ක්‍රීඩා කර තිබෙනවා.

එක්දින තරගවල දී මලාන් රැස් කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව වන්නේ 140 වන අතර, එහිදී ඔහු ශතක 06ක් සහ අර්ධ ශතක 07ක් රැස් කරගෙන තිබෙනවා.

ටෙස්ට් අර්ධ ශතක 09කට හිමිකම් කියන ඩේවිඩ් මලාන් ලබාගෙන එක් ටෙස්ට් ශතකයක් ලබාගෙන ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ තමන් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව 140ක් බවට පත් කරගනිමින්.

ටී 20 ශතකයක් ලබාගෙන ඇති මලා අර්ධ ශතක 50කට හිමිකම් කියන්නේ සිය පෞද්ගලික ටී20 ලකුණු සංඛ්‍යාව 103ක් බවට පත් කරමින්.

ජාත්‍යන්තර ක්‍රිකට් ආකෘති තුනේදීම ශතක රැස් කළ එංගලන්ත පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ඩේවිඩ් මලාන් වන අතර අනෙකා වන්නේ ජෝස් බට්ලර් යි.

කෙසේ වෙතත්, ඔහු පසුගිය වසරේ ඉන්දියාවේ පැවති පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එංගලන්ත සංචිතයට ඇතුළත් වී නොතිබූ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් පසු තමන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවටයි ඩේවිඩ් මලාන් නිවේදනය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46