එංගලන්තයේ මාධ්‍යවේදීන් 34 දෙනෙකු ශ්‍රී ලංකාවට

බ්‍රිතාන්‍ය සංචාරක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ නව සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන, බ්‍රිතාන්‍ය සංචාරයන්ගේ සහ එරට සංචාරක නියෝජිතයන්ගේ වැඩි අවධානයට යොමු කරමින්, ඔවුන් සමග ශක්තිමත් අඩිතාලමක් දැමීමට, බ්‍රිතාන්‍ය සංචාරක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් 34 දෙනෙකු අද (13) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදීන් පිරිස එරට ප්‍රමුඛතම ජනමාධ්‍ය ආයතනවල සේවය කරන පිරිසක් වන අතර මෙම සංචාරය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබුණා.

පළමු වරට මෙරටට පැමිණි මෙම බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදීන් පිරිස දින 12ක කාලයක් මෙරට ‍රැඳී සිටිමින් සීගිරිය, දඹුල්ල, ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, නුවරඑළිය, මිරිස්ස, ගාල්ල, මහනුවර, යාල සහ කොළඹ ආදි ප්‍රදේශවල සිය අධ්‍යයන චාරිකාවේ නිරත වීමට නියමිතයි.

මෙම බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදීන් පිරිස අද පස්වරු 01.15 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51