spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්තයට පහසු ඉලක්කයක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්ත අතර තරගයේ ඉන්දීය ඉනිම මීට සුළු වෙලාවකට පෙර නිමා වුණා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 09කට ලකුණු 229ක් රැස් කළා.

මෙම තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 230ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

අද තරගයේ දී එංගලන්ත පන්දු යවන්න සුපිරි පන්දු යැවීමක නිරතවන ආකාරය දැකගත හැකි වුණා.

එහිදී ඩේවිඩ් විලී ඉන්දීය ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමූ අතර, ක්‍රිස් වෝක්ස් සහ ආදිල් රෂීඩ් කඩුලු දෙක බැඟින් දවාගත්තා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට නායක රෝහිත් ශර්මා පත් වූ අතර ඔහු ලකුණු 87ක් රැස් කළා.

ඊට අමතරව සූර්යකුමාර් යාදව් ලකුණු 49ක් සහ ලෝකේශ් රාහුල් ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා.

සහභාගී වූ තරග පහෙන් එක් තරගයක් පමණක් ජයගෙන මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටින එංගලන්තයට අද තරගය ජයගැනීමට වැඩි අවස්ථාවක් මේ වනවිට පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?