එංගලන්තයට පහසු ඉලක්කයක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්ත අතර තරගයේ ඉන්දීය ඉනිම මීට සුළු වෙලාවකට පෙර නිමා වුණා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 09කට ලකුණු 229ක් රැස් කළා.

මෙම තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 230ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

අද තරගයේ දී එංගලන්ත පන්දු යවන්න සුපිරි පන්දු යැවීමක නිරතවන ආකාරය දැකගත හැකි වුණා.

එහිදී ඩේවිඩ් විලී ඉන්දීය ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමූ අතර, ක්‍රිස් වෝක්ස් සහ ආදිල් රෂීඩ් කඩුලු දෙක බැඟින් දවාගත්තා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට නායක රෝහිත් ශර්මා පත් වූ අතර ඔහු ලකුණු 87ක් රැස් කළා.

ඊට අමතරව සූර්යකුමාර් යාදව් ලකුණු 49ක් සහ ලෝකේශ් රාහුල් ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා.

සහභාගී වූ තරග පහෙන් එක් තරගයක් පමණක් ජයගෙන මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටින එංගලන්තයට අද තරගය ජයගැනීමට වැඩි අවස්ථාවක් මේ වනවිට පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව බොරු නිවුස් දාන යූ ටියුබ් නාළිකාවලට වැඩ වරදියි
05:19
Video thumbnail
කපිල චන්ද්‍රසේන එළොව ගිය නිවසට කොටුව මහේස්ත්‍රාත් පැමිණෙන දර්ශන
02:04
Video thumbnail
හරීන් අමු කුණුහරුපෙන් සංවිධායකයෙකුට බනින හඬ පටයක් ලීක් වෙයි..SJB - UNP හැදුවේ මම තමයි ....
05:46
Video thumbnail
වියට්නාම් ජනාධිපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අයුරු..වටේටම දැඩි ආරක්ෂාවක්
03:15
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය ශ්‍රීලන්කන් හිටපු CEO සිටි නිවසට අර්ජුන රණතුංග පැමිණෙයි
01:36
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ නිවසට රස පරික්ෂකවරයා සහ නිල සුනඛයින් පැමිණෙන දර්ශන
04:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
07:41
Video thumbnail
තණමල්විල හෙල්මට් හොරා..යතුරුපැදි‍යේ හෙල්මට් එක කාටත් හොරා උස්සන හැටි
01:01
Video thumbnail
"ඩ්‍රයිවර්ගේ කකුල නැතුව ඇති"වාද්දූවේ සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙකුට බරපතළයි
01:52