එංගලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය චමරිට

කාන්ත ලෝක කුසලානයේ තීරණාත්මක තරගයක් ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වුණා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණයකර තිබෙනවා.