spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඌරගස්මංහන්දිය ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ අපරාධයක් ද යන්න පිළිබඳව විමර්ශන

ඌරගස්මංහන්දිය, හිපන්කන්ද ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ අපරාධයක් ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මුදල් හුවමාරු ක්‍රමයට මුදල් ගනුදෙනු කිරීමට බව පවසමින් වෙළෙඳසැලට පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණා.

මේ සඳහා අපරාධකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ඝාතනය ලක්ව ඇත්තේ 45 හැවිරිදි හිපන්කන්ද, නවදගල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා 06 කණුව ප්‍රදේශයේ ලිහිසි තෙල් අලෙවිකරණ වෙළඳසැලක් පවත්වාගෙන ගිය අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?