spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උ.පෙළ විභාගය මෙම වසර අවසානයට පෙර – සා.පෙළ ලබන වසරේ මුල

මෙම වසර අවසානයට පෙර උසස් පෙළ විභාගය පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (07) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මේ අතර 2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණ කටුයතු අවසන් අදියරට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ, අනුව එම සමීක්ෂණ කටුයතු අවසන් වූ වහාම, නිමා වූ සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු අරඹන බව ද වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අධ්‍යාපන අමාත්‍යවරයා තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේ දී පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?