උ.පෙළට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි – අයදුම්කරුවන්ට උපදෙස් රැසක්

2023 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම ඊයේ (07) දිනයේ සිට ආරම්භ කළා.

ඒ, අනුව මේ මස 28 වැනිදා දක්වා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා.

සියලුම අයුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic හෝ එම දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම ‘ DoE ’ වෙත පිවිස උපදෙස් හොදින් කියවා නිවැරදි මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසු සිසුවියන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා මඟින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අයදුම්පත් යොමුකළ යුතු වනවා.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්ට ලබා දී ඇති පරිශීලක නාමයන් සහ මුරපද භාවිතයෙන් අයදුම්පත් යොමුකළ කිරීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් සිය ජාතික හැදුනුම්පත් අංකය භාවිත කර අයදුම්පත් යොමුකළ යුතු බව ද සඳහන්.

සියලුම අයදුම්කරුවන් අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව එහි මුද්‍රිත පිටපතක් අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට සුරක්ෂිතව තබාගත යුතු බවට ද විභාග දෙපාර්තමේන්තුව මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වැඩි විස්තර දැනගැනීමට 1911 සෘජු දුරකථනය හෝ 0112784208, 0112784537 සහ 0112786616 අංකවලට අමතා තොරතුරු ලබාගත හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14