උසාවියට ගිය සුසිල් මොකද කරගත්තේ ?

තමා ඉදිරියේ දී දිගටම අධිකරණයේ කටයුතු සඳහා සහභාගීවීමට බලාපොරොත්තු වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව අද (06) පළමුවරට අධිකරණ කටයුතු සඳහා සහභාගිවෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයතු කළ සුසිල් ප්‍රේම්ජයන්ත් පසුගිය 4 වනදා ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම ධූරයෙන් ඉවත් කරනු ලැබීය.

“අපේ කණිෂ්ඨ නීතිඥයෝ උසාවිවලට ගිහින් තියෙනවා. මං දිගටම අධිකරණයේ වැඩවලට එනවා. අවුරුද්දයි මාස 3ක් වගේනේ මේ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටියේ, ඒ කාලය තුළත් උසාවි වහලා තිබුණේ.  දැන් උසාවි ආරම්භ වෙලා තියෙනවා. දැන් ඒ තිබුණ නඩුම ඉස්සරහට ඉස්සරහට එනවා.” 

බුද්ධි අංශයෙන් ලැබුණු වාර්තාවකට අනුව තමා රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කළ බවට තිස්ස කුට්ටිටආරච්චි මන්ත්‍රිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පැවැත්විය යුතු බව සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියේය.

“ඒක ඉතාම බරපතළ ප්‍රකාශයක්. අපේ පස්සේ බුද්ධි අංශය යන්න ඕනේ නෑ අපි කියන්න තියෙන දේ එළිපිට කියනවා. කවදාවත් අපි කුමන්ත්‍රණය කරපු මිනිස්සු නෙමෙයි ඉතිහාසයේ. බරපතළ වෙන්නේ මෙතෙන ප්‍රශ්නේ, බුද්ධි අංශ වාර්තාවක් කිව්වහම තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වගේ කෙනෙකුට බුද්ධි අංශ තොරතුරු ගියේ කොහොම ද? මේක බරපතළ ප්‍රශ්නයක් නේ. බුද්ධි අංශ ඉතාම අවධානය යොමුකරන තැනක් රජයේ ප්‍රධානීනුත් මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මෙසේ නොවිය යුතුයි. බුද්ධි අංශ තොරතුරක් ගැන පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආව මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත්, රටේ දේශපාලනය ගැනවත්, අපේ දේශාපාලන ඉතිහාසය ගැනවත් නොදැන. බුද්ධි අංශ තොරතුරක් මත මේක වෙනවා කියන එක බරපතළ කාරණයක් මං දකින හැටියට නම්. මම ඉල්ලීමක් කරනවා ප්‍රධානීන්නගෙන් මේ කරපු ප්‍රකාශය පිළිබඳ වෙනම පරීක්ෂණයක් කරන්න කියලා කොහොම ද මේ මන්ත්‍රීවරයෙකුට බුද්ධි අංශ වාර්තා ලැබුණේ කියලා.”

ප්‍රශ්නය – ඔබතුමාට වඩා උදය ගම්මන්පිල මහතා, විමල් වීරවංශ මහතා වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් රජයට විරුද්ධව කටයුතු කළා. ඒ අය ඉවත් කළේ නෑ. ඒ අය කරන්නේ ආණ්ඩුවේ රාජකාරියක් කියලත් කියනවා.

“මම දන්නේ නෑ ඒක. හැබැයි මං හිතනවා ඒ අය යම් ප්‍රතිපත්තිමය තීන්දුවක ඉඳලා තමයි පසුගිය මැතිවරණ දෙකේ දී කටයුතු කළේ ජයග්‍රහණය වෙනුවෙන්. හැබැයි ඒ ප්‍රතිපත්තිවලින් බැහැර වෙනවා නම් අඩුම ගානේ රජය තුළ ඉඳගෙන හෝ ඒ ප්‍රතිපත්තියෙන් බැහැරවෙන බවට හඬක් නැඟිය යුතුයි කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා එතුමන්ලාට වරදක් කියන්න බෑ.”

ප්‍රශ්නය – ඔබතුමාලා ආණ්ඩුවේ ඉඳගෙන ඇත්ත කථා කළොත් කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩකරා කියනවා. ඒ කියන්නේ හොරකම් කළත්, වැරැද්දක් කරත් කට පියන් ඉන්න ඕනේ කියල ද ?

“ඒක මං දන්නේ නෑ. ඒක ඒ අයගෙන් අහන්න ඕනේ. අපිට එහෙම චෝදනා නැති නිසා තමයි මේ වගේ ඉරණමක් අත්වෙලා තියෙන්නේ. ඒක අපි සතුටින් භාරගන්නවා. මොකද අපි දන්නවා මේ රටේ දේශපාලන පෙළගැස්ම කොහොමද වෙන්නේ කියලා අපිට පේනවා. රටත් ජනතාවත් බේරගෙන ඉන්න ඕනේ කාටත් දේශපාලනය කරන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවිඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04
Video thumbnail
සීලරතන හිමි මහානායක හිමිවරු ගැන වීඩියෝවක් ලීක් කරයි ?ජවිපයේ මුන්ට වඩා කම්බ හොරු ඉන්නේ
07:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදට පැන්න ලක්මාලි හොඳටම අහගනී
12:41
Video thumbnail
තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමේ..
00:34
Video thumbnail
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකින් 99න් බේරුණ අයුරු - ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි
00:30
Video thumbnail
"මට තමයි කක්කුස්මාලි කියලා කියන්න බැරි"
00:16
Video thumbnail
ලිමිණිට මෙච්චර බයයි නම් නාමල්ට කොච්චර බයක් ඇත්ද..?
07:59
Video thumbnail
අධි බලැති විදුලි කණුවක් පාරට කඩා වැටිලා උණුසුම් තත්ත්වයක්
01:07