උස්මන් කවජා සහ ස්මිත් අතර තෙවැනි කඩුල්ලට වාර්තාවක් – කවාජාගෙන් ලකුණු 150ක්

සංචාරක ඔස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (30) මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඊයේ (29) පෙරවරුවේ ගාල්ලේ දී වෝර්න් – මුරලි කුසලානය වෙනුවෙන් 07 වැනි වරටත් මෙම තරගය ආරම්භ වූයේ කාසියේ වාසියේ ජය ඔස්ට්‍රෙලියාවේ නායක ස්මිත් වෙත හිමිකර දෙමින්.

ඒ අනුව පළමු ව පිතිකරණය තෝරාගත් ඔස්ට්‍රෙලියාව දිනය නිමාකළේ කඩුලු 02ක් පමණක් දැවී ශක්තිමත් ලකුණු 330ක් ගොඩනගමින්.

ලකුණු 200කට ආසන්න සබඳතාවක් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගමින් සිටි ආරම්භක පිතිකරු කවජා සමගින් නායක ස්මිත් තම තමන්ගේ පෞද්ගලික ටෙස්ට් ශතක ගොන්නට තවත් ශතක ඊයේ දිනයේ දී එක් කරගත්තා.

ස්මිත් ලොව ටෙස්ට් ලකුණු 10000 සීමාව පසුකර ගිය ක්‍රීඩකයින් අතර 15 වැනියා වෙමින් ශතකයක් නොදැවී ලබාගත්තා.

මේ වනවිට ස්මිත් ලකුණු 109ක් නොදැවී ලබා සිටින අතර උස්මන් කවජා නොදැවී ලකුණු 154ක් ලබා සිටිනවා.

කවාජාගේ ලකුණු 150ට එක් හයේ පහරක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.

ඔහු ඊයේ දිනයේ ලබාගත්තේ සිය 16 වැනි ටෙස්ට් ශතකයයි.

ස්ටීවන් ස්මිත් සිය 35 වැනි ටෙස්ට් ශතකය ලබා ගත්තා.

එමෙන්ම ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රීඩකයින් දෙපොළක් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව තැබූ තෙවැනි ඉහළතම සබඳතාව ද මෙය වනවා.

මීට පෙර ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ මාර්ටීන් ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවරදී ලකුණු 200ක සබඳතාවක් ද බෝඩර් සහ මූඩි බ්‍රිස්බේන් නුවර දී 1988 දී ලකුණු 158ක සබඳතාවක් ද තෙවැනි කඩුල්ලට ගොඩනගා තිබෙනවා.

කඩුලු බිඳ ගැනීමට ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාසනාවන්ත වූයේ ප්‍රභාත් ජයසූරිය සහ ජෙෆ්‍රි වැන්ඩර්සේ පමණයි.

ට්‍රවිස් හෙඩ් ලකුණු 57ක් රැස් කළා.

මේ වනවිට ඔස්ට්‍රෙලියා ලකුණු පුවරුව දැක්වෙන්නේ ලකුණු 344ක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42