උසස් පෙළ සිසුන්ට ප්‍රශ්න පත්‍ර නොදුන් ගුරුවරුන් ගැන තීරණයක් ගනියි

ගම්පහ තක්‍ෂිලා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාගයේ රාජකාරී කටයුතු  භාරව සිටි ශාලාධිපතිවරයෙකුගේ සහ සහකාර ශාලාධිපතිවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ, අදාළ විභාග මධ්‍යස්ථානයේදී චිත්‍ර විෂයට පෙනී සිටි සිසුන් දෙදෙනෙකුට එම විෂයට අදාළ දෙවන කොටසේ ප්‍රශ්න පත්‍රය ලබානොදීම හේතුවෙන්. 

අදාළ විභාග ශාලාව තුළ චිත්‍ර විෂයට පෙනී සිට ඇත්තේ සිසුන් දෙදෙනෙකු පමණක් වන අතර එම සිසුන් දෙදෙනා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ තමන්ට අදාළ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස විභාග ශාලාවේ සිටි නිලධාරීන් ලබානොදුන් බවයි. 

පළමු ප්‍රශ්නයට පිළිතුරු සපයා අවසන් කිරීමෙන් පසු දෙවන ප්‍රශ්න පත්‍රය ලබාදෙන ලෙස විභාග ශාලාවේ සිටි ගුරුවරියකගෙන් ඉල්ලා සිටියද එම ප්‍රශ්න පත්‍රය නොලැබුණු බවටයි එම සිසුන් දෙදෙනා පැමිණිලි කර ඇත්තේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනයකින් පසු අදාළ නිලධාරීන් දෙදෙනාගේ වැඩතහනම් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ - මර්දනයෙන් රජ කරන්න හදන්නේ
01:37
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:59
Video thumbnail
අගවිනිසුරුවරයා හොර උප්පැන්න දීලද තනතුරට ආවේ ?සූරසේන සංශෝදනය ගේන්න එපා
04:14
Video thumbnail
අධිකරණයට අත නොතබනු - පොළොන්නරුවේත් මහජන පෙත්සමක්
01:21
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති සැරවෙයි - ආණ්ඩුවේ අදූරදර්ශී තීරණයට අපි ඔක්කොම විරුද්ධයි..
07:29
Video thumbnail
මේක තමයි මේ ආණ්ඩුවේ මළගමේ ලියවිල්ල
02:49
Video thumbnail
රටේ තාරුණ්‍යන් නිකන් ඉන්නේ නෑ - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
10:07
Video thumbnail
එක එක්කෙනා පඳුරු අස්සේ ඉඳන් කියනවා වගේ අපිට කරන්න බෑ
08:46
Video thumbnail
මානසික ආබාධ සහිත පුද්ගලයා තම මාමාව බිහිසුණු ලෙස එළොව යවලා - මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
01:42
Video thumbnail
ආණ්ඩුව මේ යන්නේ මර්දනකාරි වැඩපිළිවෙලක - මේ රටටම හානියක් කරන්නේ
02:02