උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

2021 (2022) වර්ෂයේ සාමාන්‍ය පෙළ සමත්ව 2024 වර්ෂයේ දී උසස් පෙළ හදාරන සිසු දරු දැරියන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීම 2022 දෙසැම්බර් මස 30වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

අදාළ අයදුම්පත් භාර ගැනීම අද දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද දෙමාපියන්ගෙන් සහ පාසල් සිසු දරු දැරියන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලමින් අයදුම්පත් භාර ගැනීමේ දිනය තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

එබැවින් සුදුසුකම් සපිරු සිසු දරු දැරියන් විසින් තම අයදුම්පත්‍ නිසි පරිදි සම්පුර්ණ කර, ලබන 30 වන දිනට පෙර තමා සාමාන්‍ය හදාරණ ලද පාසලේ විදුහල්පති වෙත භාරදීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අරමුදල දැනුම් දෙනවා.

තවද අද දින සිට ලබන ජනවාරි පළමුවනදා දක්වා පාසල් නිවාඩු කාලය යෙදී ඇති බැවින් මෙම අයදුම්පත් භාර ගැනීම සඳහා පාසල්වල කාර්යාල විවෘත කර අදාළ අයදුම්පත්‍ර භාර ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් යොදන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දී තිබෙනවා.

අයදුම්පත් භාරගන්නා දිනය ලබන 30 වනදා දක්වා දීර්ඝ කළ ද තෝරා ගැනීමට අදාළ අනෙකුත් කටයුතු සඳහා යොදා ඇති දිනවල කිසිදු වෙනසක් සිදු නොවන බවයි ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14