උසස් පෙළ විභාග කාලසීමාව තුල විදුලි කප්පාදුවක් නෑ

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සභාපති නලින්ද ඉලංගකෝන් කියාසිටියේ සිසු සිසුවියන්ට අපහසුතාවක් නොවීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

මේ අතර 2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වන දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාගය ආරම්භ කිරීමට දින 5කට පෙර ඊට අදාළ උපකාර පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නියෝග කරනු ලැබ ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14