spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ විභාගය තිබුණත් හෙට (23) සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට (23) දිනයේ සිට දිනකට පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවන බවයි එම කොමිසම කියාසිටියේ.

කෙසේවෙතත් මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දී තිබුනේ උසස් පෙළ විභාග කාලසීමාව තුල විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

විභාගය පැවැත්වෙන කාලය තුල විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට විභාග දෙපාර්තමේන්තුව ද මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?