උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කඩිනමින් අවසන් කිරීමට සැලසුම්

2022 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන සඳුදා උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සදහා වන උපදෙස් ලබාදීමේ සැසි ආරම්භ කරන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම කටයුතු සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ පිළිතුරු පත්‍ර ප්‍රධාන පරීක්ෂකවරුන් ද සහභාගී වනවා.

එහිදී එක් එක් විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර සදහා ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය පිළිබද සාකච්ඡා කරන බවයි විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පැවසුවේ.

අනතුරුව ලබන 15 වනදා සිට උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ. දින 15ක් තුල එම කටයුතු අවසන් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

මේ අතර සමාන්‍ය පෙළ විභාගය මැයි 29 වනදා සිට ආරම්භ වනවා.

එම විභාගය සදහා අවශ්‍ය මූලික කටයුතු ලබන 26 වනදායින් ආරම්භ වීමට නියමිත බැවින් එදින සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තෙක් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු නතර කිරීමට සිදුවනු ඇති.

මේ අතර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සිදු කිරීම සදහා දිවයිනේ තෝරා ගත් පාසල්වල 06, 07, සහ 08 ශ්‍රේණිවලට අදාල පන්ති කාමර යොදා ගැනීමටයි විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත්තේ.

ඒ අනුව උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු අවසන් වන තුරු එම ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ට නිවාඩු ලබා දෙනු ඇති.

එම කටයුතු සදහා අදාළ පාසල් ලබා දෙන ලෙසට විභාග දෙපාර්තමෙන්තුව අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

2022 වසරට අදාල උසස් පෙළ විභාගයේ විෂයන් 08 කට අදාල ඇගයීම් කටයුතු මීට පෙර ආරම්භ වුනා.

ඒ අනුව තවත් විෂයන් 55 කට අදාළ ඇගයීම් කටයුතු මැයි 15 වනදා සිට ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සදහා ගුරුවරුන් 19,000 ක් පමණ අවශ්‍ය වනවා.

මේ වන විට ගුරුවරු 16,000කට ආසන්න පිරිසක් ඒ සදහා ඉදිරිපත්ව සිටින බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.

එම පිරිස යොදා ගනිමින් විවිධ ක්‍රමවේද ඔස්සේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සිදුකළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14