spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ නිමකළ සිසුන්ට වෘත්තීය පුහුණු වැඩසටහන අද සිට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අද (05) සිට ආරම්භ වනවා.

ඒ, අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 300ක මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ මේ සඳහා ලියාපදිංචි වූ සිසුන් පස්වරු 02.00ට අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙසයි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය සහ වෘත්තීය විෂයක් නොමිලේ හැදෑරීමට මෙම වැඩසටහන මඟින් අවස්ථාව හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?