spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2021 (2022) වසරට අදාළ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඊයේ (17) එම ප්‍රතිඵල නිකුත් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ.

මෙවර නැවත සමීක්ෂණය සඳහා අපේක්ෂකයන් 27,012 දෙනෙකු අයදුම්කර තිබුණා.

මෙම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස හෝ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුලත් කිරීමෙන් ලබාගත හැකියි.

විමසීම් සඳහා පහත දැක්වෙන දුරකතන අංක ඔස්සේ පාසල් විභාග සංවිධාන ශාඛාව අමතන ලෙසටයි විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දෙන්නේ.

0112 784537 / 0112 784208 / 0112 786616

AL
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?