උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2022 (2023) නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුලත් කිරීමෙන් ලබාගත හැකියි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීම සඳහා 0112784537, 012784208 හෝ 0112786616 අංකවලින් පාසල් විභාග හා ප්‍රතිඵල ශාඛාව අමතන ලෙසට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්