උසස් පෙළ ගැන ජනපතිට යැවූ ලිපිය

උසස් පෙළ විභාගයට මුහුණදීමට පෙර මාස 26ක පමණ අඛණ්ඩ අධ්‍යාපන කාලසීමාවක් සිසුන් විසින් පසුකරනු ලැබූ බවත් 2021 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණදීමට නියමිත සිසුන්ට එම කාලය නොලැබීම නිසා විභාගය ලබන වසරේ පෙබරවාරි තෙක් කල් දමන ලෙසත් 2021 උසස් පෙළ සිසු සිසුවියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබෙනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරය නිසා පාසල් ආරම්භ වීම කල්ගිය අතර, එමගින් අධ්‍යයන කටයුතු ඇරැඹීම ප්‍රමාද වූ බව සඳහන් කරන එම සිසුන් 2020 වසරේ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වෛරසය නිසා අධ්‍යාපනයට සිදුවූ හානිය පිළිබඳ ප්‍රධාන කරුණු අටක් එම ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.

පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම මාර්ගගත අධ්‍යාපනයට එකවර යොමුවීම හා එවැනි ක්‍රමයක් ගුරුවරුන්ටත්, සිසුන්ටත් නුහුරු වීම, මාර්ගගත අධ්‍යාපනයට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම, ප්‍රායෝගික පරීක්‍ෂණ මාර්ගගත ක්‍රමය මගින් සිදු කිරිම කළ නොහැකි වීම, උසස් පෙළ විභාගයට පෙර වාර විභාග හයක් පැවැත්විය යුතු වුවත් පවත්වා ඇත්තේ එක් වාර විභාගයක් පමණක් වීම, විෂය ධාරාව වෙනස් කළ සිසුන් සිටීම, ගුරු වර්ජනය, සිසුන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා රෝගය වැලඳීම සහ උසස් පෙළ විභාගයට පෙර සියලුම සිසුන් එන්නත්කරණය කළ යුතු වීම එම කරුණු ලෙස එම ලිපියෙහි දක්වා තිබෙන බවයි දැක්වෙන්නේ .

මේ අනුව විෂය නිර්දේශ ආවරණය කිරීමට තවත් කාලයක් අවශ්‍ය බැවින් නොවැම්බර් මස විභාගය පැවැත්වීම ප්‍රායෝගික නොවන අතර නොවැම්බර් මාසයේ විභාගය පැවැත්වීමෙන් බහුතර සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුවන බව පැහැදිලි යැයි එම ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා

සමස්ත උසස් පෙළ නියෝජනය වන පරිදි සමාජ මාධ්‍ය ජාලා සමූහ දෙකක් හා ෆේස්බුක් ඔස්සේ සිසුන් 50,000කට වඩා වැඩි පිරිසක් ඒකරාශී වී සිටින අතර අප සැමගේ ඉල්ලීම වන්නේ, ක්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කර විෂය නිර්දේශය ආවරණය කිරීමෙන් අනතුරුව උසස් පෙළ විභාගය පවත්වන ලෙසත්, ඒ සඳහා අවම වශයෙන් පෙබරවාරි මාසය දක්වාවත් උසස් පෙළ විභාගය කල්දමන ලෙසත් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපිය මඟින් සිසුහු ඉල්ලා සිටිනවා .

පියකු තම දරුවන් ගැන සිතා කටයුතු කරන්නාක් මෙන් අප පිළිබඳව සිතා කටයුතු කරනු ඇතැයි තරයේ විශ්වාස කරන බවද එහි සඳහන් වන බවයි පැවසෙන්නේ

අගමැතිතුමා, අධ්‍යාපන, විදේශ කටයුතු, ජනමාධ්‍ය, කම්කරු, සෞඛ්‍ය, තරුණ හා ක්‍රීඩා යන ඇමැතිවරු සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, කාන්තා හා ළමා සංවර්ධන, නිපුණතා සංවර්ධන, දහම් පාසල්, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම්, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු රාජ්‍ය ඇමැතිවරුන්, ජනාධිපති ලේකම්, අධ්‍යාපන ලේකම්, විභාග කොමසාරිස් ජනරාල්, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානි වෙතද එම ලිපියේ පිටපත් යොමුකර තිබෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29