උසස් පෙළ අවසන්වන තෙක් විදුලි කප්පාදු නොකිරීමට තීරණය කරයි

මේවන විට පැවැත්වෙන උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට අද පැවති සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

අද පස්වරුවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි මෙම තීරණය එළඹ ඇත්තේ.

ඒ අනුව විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය වන ඉන්ධන ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා මහජන උපයෝගීතා කොමිසම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කර තිබෙනවා.

ඒ සඳහා වැය වන පිරිවැය අයකර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේදී සිදු කිරීමට යෝජිත විදුලි මිල සංශෝධනයේදී ගෙවීම් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවටයි විදුලිබල මණ්ඩලය වෙත මහජන උපයෝගීතා කොමිසම විසින් උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ අනුව අදාළ මුදල් දින 60ක් ඇතුලත ගෙවීමට සියලුම පාර්ශවයන් එකඟතාව පළකර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් මෙම සමථය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීමට මැදිහත් විය යුතු වනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුල අද දිනයේ සිට විදුලිය විසන්ධි නොකිරීමටයි එකඟතාව පළවී ඇත්තේ.

මෙම සමථය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශයක් වශයෙන් ඇතුළත් කරනු ලබන අතර එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව එකඟ වනවා.

Power Cut Human Rights


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14