spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තුවේ සිට

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලේ හැදෑරීමට එළැඹෙන මාර්තු පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ට ද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම ඉදිරියේ දී පාසලට පැමිණෙන සියලු‍ ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බව ද අවධාරණය කළ අමාත්‍යවරයා, දැනට සෑම කලාපයකටම එක බැගින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවයි පැවසුවේ.

දැනට පවතින පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංඛ්‍යාව 100ක් වන බවත් ඉදිරියේ දී එම සංඛ්‍යාව තවත් 17කින් වැඩි කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බව ද ගුරුවරුන් වෙත පරිගණක පුහුණුව ලබාදෙන අතර මෘදුකාංග සංවර්ධනයට සහ අලු‍ත්වැඩියා කටයුතු වෙනුවෙන් කලාප මට්ටමින් පිරිසක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැහැදිලි කළා.

ඉදිරි සති කිහිපය ඇතුළත සෑම පාසලකම පංති කව ආරම්භ කළ යුතු බව ද ඒ හරහා දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන් මැදිහත් විය යුතු ආකාරය දැනුවත් කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?