උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා රැසක් – අධ්‍යාපන ඇමති

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ලබන වසර ආරම්භයේ සිට හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍ර හතරක එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියේ.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ සිව්වන උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමින්.

මෙවර අයවැයෙන් සියලු පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා රුපියල් මිලියන අට දහසක් වෙන්ව ඇති බව ද විවිධ හේතූන් මත වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වූ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ ක්‍රියාවලින් රැසක් අදියරෙන් අදියර ක්‍රියාවට නැංවීමට තමා සූදානම්ව සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් අධ්‍යාපන අමාත්‍යංශයත් රාජ්‍ය විශ්වවිද්‍යාල සියල්ලමත් එක්ව ජාත්‍යන්තරව පිළිගත් ඉහළ ශ්‍රේණිගත කිරීම්වල සිටින විශ්ව විද්‍යාල සමග ශාස්ත්‍රීය පර්යේෂණ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක් පසුගියදා මෙරට විද්‍යාර්ථීන් වෙනුවෙන් මෙතෙක් පිරිනැමූ ආචාර්ය උපාධි සංඛ්‍යාව හතළිහක් දක්වා ඉහල නැංවීමටද පියවර ගෙන ඇති බව සිහිපත් කරනු ලැබුවා.

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලින් 2028 වර්ෂයේදී නිකුත් වීමට නියමිතව සිටින 2024 වර්ෂයේ බඳවාගන්නා ශික්‍ෂණ ලාභීන් අධ්‍යාපනවේදී උපාධිධාරින් ලෙස අධ්‍යාපන පද්ධතියට මුදා හැරෙන අතර පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට එමගින් විශාල පිටුබලයක් ලැබෙනු ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කර තිබෙනවා.

දරුවන් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ගත කරන කාලය වසරකින් අඩුකිරීමටත් එමගින් උපාධි සහ පශ්චාත් උපාධි ලබාගැනීමට අඩු වයස් කාලයක් තුළ ඉඩ ප්‍රස්තා ලබාදිය හැකි බවත් දියුණු රටවල දරුවන් උපාධිලාභීන් ලෙස සරසවිවලින් නිකුත් වන විට අපේ දරුවන් උසස් පෙළ පළමු වසරෙහි සිටින තත්ත්වයක් දැනට පවතින බවත් එම වෙනස ඉවත් කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

එමෙන්ම දරුවන්ගේ විභාගවල බර අඩු කිරීමට පියවර ගන්නා අතර පෙර පාසල් මට්ටමේ සිට මෙරට අධ්‍යාපන පද්ධතියේ සුවිශේෂ වෙනස්කම් රැසක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහාත් වෘත්තීය අධ්‍යාපන ආයතන නියාමනය සඳහාත් වෙන් වෙන් වශයෙන් කොමිසන් සභා පත්කිරීමට යෝජනා කර ඇති බවත් ජාතික අධ්‍යාපන කොමිසම මගින් ඒවායේ ගුණාත්මක භාවය පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගනු ලබන බවත් මීට අදාළ පනත් මේ වන විටත් කෙටුම්පත් කර කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සාමාන්‍ය උසස් සහ වෘත්තීය අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් ගුණාත්මක සංවර්ධන මට්ටමකට පත් කිරීම තම අපේක්ෂාව බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39