‘උරුමය’ ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය විවෘත කෙරේ

උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ඊයේ (01) ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් චැතැම් වීදිය, පැරණි ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් ගොඩනැගිල්ලේ දී විවෘත කෙරුණා.

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පය මත ගොවි පවුල් ලක්ෂ 20ක් සඳහා නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය මගින් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන දෙකක්.

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කර එය භුක්ති විඳි ගොවි ජනතාවට ලබාදීම මෙමඟින් සිදු කෙරෙනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සහ අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යාලය යටතේ “උරුමය” ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ක්‍රියාත්මකයි.

දීමනා ඔප්පු සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට හා ලියාපදිංචි වීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලයේ 0114354600-1 දුරකථන අංකය ඇමතීමෙන් හෝ http://tinyurl.com/yb98yhey විද්‍යුත් ෆෝරමයෙන් ලබාගත හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36