spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උමාරියාගේ ප්‍රකාශය පොලිසියේ අවධානයට (VIDEO)

සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුවන අපහාසාත්මක ක්‍රියාවන් දිනෙන් දින ඉහළ යමින් පවති. මෙලෙස සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදුකරනු ලබන සමාජ විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් ඇතිවී තිබෙනවා. පසුගියදා ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ තමන්ට මුහුණ දීමට සිදුවූ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ හෙලිදරව්ව සම්බන්ධයෙන් මේ වන විට පොලිසියේ අවධානය යොමු ව තිබේ.

මෙලෙස සමාජ මාධ්‍යය ඔස්සේ සමාජ විරෝධී ක්‍රියාවන් සිදුකරනු ලබන පුද්ගලයින්ට වසර 05 ක සිර දඬුවම් ලබාදීමට හැකියාව ඇති බවත් එවැනි චෝදනා ලද පුද්ගලයින් 17 දෙනෙකු හට පසුගිය කාලයේදී එලෙස දඬුවම් පමුණුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ අසභ්‍ය දර්ශනයක් මාධ්‍ය වෙත මුදා හරිනු ලබන්නේ නම් ඔවුන්ට වසර දෙකක කාලයක් සඳහා සිර දඬුවම් ලබාදිය හැකි බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

යම් අවස්ථාවක එවැනි ක්‍රියාවක වින්දීතයෙක් වන පුද්ගලයෙකු හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට [email protected] යන විද්යුත් තැපැල් ලිපිනය ඔස්සේ හෝ පැමිණ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?