උප ජනපතිනි කමලා හැරිස් පළමු ජනපති රැළිය අරඹයි

අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්, 2024 ජනාධිපතිවරණ සටනේ පළමු රැළිය විස්කොන්සින් හි දී පවත්වා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝබයිඩන් අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එළැඹෙන ජනාධිපති සටනින් ඉවත් වීමෙන් අනතුරුව එම සටන අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස්ට භාර කෙරුණා.

ඇමරිකාවේ විස්කොන්සින් හී පැවති මෙම සමුළුවේදී කමලා හැරිස් සිය ආධාරකරුවන් ඉදිරියේ පවසා සිටියේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පළමුව තමන් පක්‍ෂය එක්සත් කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම තමන්ගේ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තින් හා සමාන ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළ උප ජනාධිපති කමලා හැරිස් ආධාරකරුවන් ඉදිරියේ පවසා සිටියේ ජනාධිපති බයිඩන් නැවතූ තැන සිට ඉදිරියට යාමට තමන් කටයුතු කරන බවයි.

රැස්ව සිටි දහස් ගණනක් වූ ආධාරකරුවන් ප්‍රීතිඝෝශා හමුවේ සිය සිය ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කළ කමලා හැරිස් කියා සිටියේ බදු පැහැර හරින්නන්, කාන්තාවන්ට හිංසන කරන්නන්, තමන්ගේ වාසිය තකා නීති කඩ කළ වංචාකාරයන්, ජනපති සටනින් එළවා දැමිය යුතු බවයි.

කැලිෆෝනියා නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර්වරියක ලෙස කටයුතු කල උප ජනාධිපති කමලා හරිස් මෙහිදී කියා සිටියේ ”මම ට්‍රම්ප් ගැන කියන විට ඔබ ඇහුම්කන් දෙන්න; මොකද මම ට්‍රම්ප්ගේ චරියාව හොඳටම දන්නවා” යනුවෙනුයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජනපති සටනින් ඉවත් වී ඔහුගේ උප ජනපතිවරිය වන කමලා හැරිස් සටනට කැඳවා දින දෙකකටත් අඩු කාලයකින්, ඇය පක්ෂයේ අපේක්ෂකයා වීමට අවශ්‍ය පක්ෂ නියෝජිත සහයෝගයක් ලබා ගත් බව හැරිස් මෙහිදී සඳහන් කළා.

අමෙරුකානු ජනපති සටනෙදි විස්කොන්සින් ප්‍රාන්තයේ ඇති වැදගත්කම අවධාරණය කළ උප ජනාධිපතිනි කමලා හැරිස් කියා සිටියේ ඇමරිකානු ධවල මන්දිරයට යන මාර්ගය විස්කොන්සින් හරහා වැටී ඇති බවයි.

අපි මිල්වෞකිහි දී ඔබ කෙරෙහි විශ්වාසය තබමු. 2020 දී ඔබ අපට ජයග්‍රහණය කිරීමට උදව් කළා.

2024 දී අපි නැවත ජයග්‍රහණය කරනවා, ”ඇය අවධාරණය කළා.

පසුගිය සඳුදා රාත්‍රිය වන විට, ජනපති බයිඩන් තරඟයෙන් ඉවත් වන බව සහ ඔහුගේ උප ජනාධිපතිවරයා සටනට කඳවන බව නිවේදනය කර පැය 36කටත් අඩු කාලයකට පසු, කමලා හැරිස් ඩිමොක්‍රටික් ජාතික සම්මේලන නියෝජිතයින්ගෙන් ප්‍රමාණවත් සහයෝගයක් ලබා ගත් අතරම ඇය ඉරිදා සහ සඳුදා අතර මැතිවරණ ව්‍යාපාරයට විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ඩොලර් මිලියන 100 කට වඩා රැස් කරගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් 62% ක්ම පළමු වරට දායක වූවන් බවයි – හැරිස්ගේ ප්‍රචාරක නිලධාරියෙක් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18